විදුලි රැහැන් පද්ධතිය සහිත විදුලි කුළුණකට  පුද්ගලයෙක් නැගිම හේතුවෙන්   අද (23) උදෑසන කළුතර දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ රැසක විදුලිය  අත්හිටුවා තිබෙනවා.

යටදොල කරම්පැතර  විහාරස්ථානය අසල  අධිසැර විදුලි  රැහැන් සහිත විදුලි කුලුනකට එම පුද්ගලයා නැග ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.

ඒ අනුව   ඔහුගේ  ජීවිතය ආරක්ෂා කිරීම සඳහා මෙලෙස විදුලිය විසන්ධි කර තිබෙනවා.

මතුගම ,යටදොළ පදිංචි  29 හැවිරිදි මෙම පුද්ගලයා මානසික රෝගීතත්වයෙන් පෙළෙන අයෙකු බව ද නෙත් නිවුස් නියෝජිතයා පැවසුවා.

ඔහු කුළුණ මතට නැග ඇත්තේ අද අලුයම 5.45ට පමණයි.

ඒ අනුව මීගහතැන්නන, වෙදවත්ගත, අගලවත්ත, බදුරලිය, පොල්ගම්පල, පැලවත්ත, ඉහළ හෙවෙස්ස සහ පහළ හෙවෙස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි කර තිබෙනවා.

කෙසේවෙතත් එම පුද්ගලයා කුළුණින් බිමට බස්සවා උදෑසන 7.45 පමණ යළි විදුලි සැපයුම ලබා දිමට බලධාරීන් කටයුතු කර තිබෙනවා