Published
කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදි අද අළුයම දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇත්තේ එම මාර්ගයේ යොදා තිබූ යකඩ කොටස් දෙකක් කිසියම් පිටස්තර පාර්ශවයක් විසින් කපා ඉවත් කිරීම හේතුවෙන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පිළිබදව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදුකළ බවයි දුම්රිය ගමනා ගමන අධිකාරී ජී ඩී ඒ සමරසිංහ මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.
දුම්රිය පීලි පැනීමට ලක් වූ මංතීරුවේ අවහිරතා ඉවත් කර පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි එම මංතීරුවේ දුම්රිය ධාවනය සිදුකිරීමට අපේක්‍ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
සිදුවූ එම දුම්රියෙන් තුවාල ලැබූ මගීන් දස දෙනෛකු කොළම ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.




