Published
කොළඹ - මහනුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල, මොලගොඩ ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ රථ වාහන 6 ක ගැටි එම අනතුර සිදුව ඇති බවයි.
ඒ අනුව අදාළ බස් රථය ත්රීරෝද රථ 2 ක්, වෑන් රථ 2ක්, ලොරි රථයක් සහ යතුරු පැදියක එලෙස ගැටී තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූවන් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
බස් රථ රියදුරා කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




