දඹුල්ල - හෙට්ටිපොල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මාස 9ක් වයසැති දැරියක් මියගොස් ඇති බව ලග්ගල පොලීසිය පවසනවා.

එම දැරිය ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කැබ් රථ රියදුරාට එය පාලනය කර ගැනීමට නොහැකිව බෝක්කුවක ගැටී කැබ්රථය පෙරළි ගොස් අනතුර සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.