අනුරාධපුර, තම්මැන්නාකුලම් ප්‍රදේශයේදි කේරළ ගංජා තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

ඒ අනුව සැකකරු සන්තයේ තිබී කේරළ ගංජා කිලෝ 12යි ග්‍රෑම් 320 ක් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තම්මැන්නාකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සදහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.