කොල්ලුපිටිය, ගාලු පාරේ පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා චීන ජාතිකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බලපත්‍ර නොමැතිව මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීමේ චෝදනා යටතේයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 ත් 48 ත් අතර වයස්වල පසුවන චීන ජාතිකයින් හය දෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බගවන්තලාව, කසෝල් වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ ආරියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි බගවන්තලාව පොලීසිය පැවසුවේ.