පොලිස් කොස්තාපල්වරියකගේ උකුල මත වාඩිවී, ඇයට ලිංගික අතවරයක් කල බව කියන පොලිස් කොස්තාපල් වරයෙකු දඹුල්ල පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිස් කොස්තාපල්වරිය එලෙස අතවරයට ලක්ව ඇති බව පැවසෙන්නේ දඹුල්ල නගරයේ පැවති සංගීත ප්‍රසංගයක ආරක්ෂක රාජකාරීයේ යෙදී සිටියදීයි.

එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුළුගස්වැව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි දඹුල්ල පොලීසිය පැවසුවේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා, අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කල අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර සිට ඇති බව තහවුරු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.