Published
කොළඹ නගරයේ ජල බැසීමේ පද්ධතියට බාධා වන සියලුම අනවසර ඉදිකිරීම් හඳුනාගෙන ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගනිමින් සිටින බව නගරාධිපතිනී ව්රායි කැලි බල්තසාර් මහත්මිය පවසනවා.
පසුගිය දිනවල කොළඹ නගරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වුණා.
එලෙස නගරය ජලයෙන් යටවීමට ප්රධානතම හේතුවක් වී ඇත්තේ ජලය බැස යන ඇළ මාර්ග අවහිර වන පරිදි සිදු කර ඇති අනවසර ඉදිකිරීම් බවයි හඳුනාගෙන ඇත්තේ.
මෙම අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඇළ මාර්ගවල ස්වාභාවික ජලය ගලායාමට මෙන්ම, ඒවා නිසි පරිදි පිරිසිදු කිරීමට සහ නඩත්තු කිරීමට ද දැඩි බාධා එල්ල වන බව නගරාධිපතිනිය පෙන්වා දුන්නා.




