කොළඹ ආනන්ද විද්‍යාලීය ප්‍රාථමික අංශය මගින් සංවිධානය කරනු ලබන MATHLETES 2026 ගණිත ක්‍රීඩා කඳවුර (Maths Gaming Camp) අද දින ප්‍රථම වරට ප්‍රාථමික අංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ඒ, ප්‍රාථමික අංශයේ විදුහල්පති ඇතුළු හතර ශ්‍රේණියේ ගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

කඳවුරේ සුවිශේෂී අංගයක් වූයේ තාක්ෂණය මුසු වූ ඩිජිටල් ගණිත ක්‍රීඩා සඳහා සිසුන්ට අවස්ථාව ලැබීමයි.

පරිගණක සහ ස්මාර්ට් තිර ඔස්සේ විනෝදජනක ලෙස ගණිත ගැටලු විසඳීමට දරුවන්ට අවස්ථාව ලබා දුන් අතර ඒ සඳහා දරුවන් උද්යෝගයෙන් එක්වුණා.

දරුවන් සතු ස්වයං නිර්මාණ සංකල්ප යොදා ගනිමින් නිර්මාණය කර තිබූ ක්‍රීඩාද මෙහිදී ප්‍රදර්ශනය වුණා.

ගණිතය යනු කටපාඩම් කරන විෂයක් නොව ඉතා විනෝදජනක ක්‍රීඩාවක් බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ .