කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු නවයේ සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ, විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුල සැපයුම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්.
එමෙන්ම, දෙහිවල ජල පොම්පාගාරය සහ මාළිගාවත්ත එලි හවුස් පොම්පාගාරය ආශ්රිත විදුලිබල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු ද හෙට දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත සහ තලවතුගොඩ ප්‍රදේශවලට හෙට පෙරවරු නවයේ සිට රාත්‍රී නවය දක්වා ජල සැපයුම අත්හිටුවනවා.
එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.




