Published
ප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙකු වූ සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ එෆ් ඒ වුට්ලර් මහතා පැවසුවේ.
ඔහු සන්තකයේ තිබූ විදේශ රටක නිෂ්පාදිත රිපිටල් වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක් සහ එම උණ්ඩ දහයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




