ගාල්ල, ඩික්සන් හංදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෙරවරු 7.20 ට පමණ රතු පැහැති කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල, කරාපිටිය ශීක්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

වෙඩි තැබීම සිදුකර පලාගිය සැකකරුවන් සොයා ගාල්ල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.