2026 යල කන්නයේ වී මිලදී ගැනීම අදින් ආරම්භ වනවා.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මෙම දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිත වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් එලෙස ආරම්භ කරන බවයි.

රජය අද දිනයේ සිට වී මිලදී ගැනීම ආරම්භ කළද ගොවීන් තවදුරටත් චෝදනා කරන්නේ වී මිලදී ගැනීම සදහා නියම කර ඇති මිල ගණන් ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර මෙවර වී මිළදී ගැනීම සදහා ආණ්ඩුව නියම කල මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිලිබද මහාචාර්ය අරුණ කුමාර මහතා ද පැවසුවා.

නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.