සිය වැඩ තහනම් කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කථානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17  වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළා.

අදාළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා  සිය දේශන ඉදිරිපත් කිරිම අවසන් කළා.
ඉන් පසුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදා දක්වා කල් තැබුණා.