කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සීගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබුණා.
පසුව ඔහුගේ සිරුර සොයා ගනු ලැබුවේ ඇහැලියගොඩ, ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබියදීයි. සිද්ධියට අදාළව මීට පෙරද සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
කෙසේවෙතත් අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට පොලීසිය අනාවරණ කර ගනු ලැබුවා.
ඒ අනුව සැකකාර චීන ජාතිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහයද ඉල්ලා තිබුණා.
එවන් පසුබිමක් තුළ සීගිරිය ප්‍රදේශයේ අවන්හලක සැඟව සිටියදී මෙම චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.




