දූෂණ චෝදනාවලට ලක්ව සිටින පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන අතරතුර ඇතමුන් අභිරහස් ලෙස මිය යන්නේ ඇයි දැයි මාධ්‍යවේදීන් ආණ්ඩුවෙන් ඍජුව ප්‍රශ්න කළා.

ඒ, ඊයේ දිනයේ හිටපු පොලිස්පති සී ඩි වික්‍රමරත්න මහතා හදිසියේ මියයාමේ සිද්ධියත් පාදක කර ගනිමින්.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රතිචාර දැක්වූවා.

මේ අතර නව දේශපාලන සන්ධාන හෝ වේදිකා නිර්මාණයවීම ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ඒ, පසුගියදා දෙමළ සහ මුස්ලිම් පක්ෂ එකතු වී නිර්මාණය කළ දේශපාලන වේදිකාව ආණ්ඩුවට අභියෝගයක්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.