Published
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුවයි.
පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙසයි.
කෙසේවෙතත් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ පැමිනි භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි එහි සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ පැවසුවේ.




