නව ඉදි කිරීමක් සිදු කිරීමේදී ඊට යෝග්‍ය ආකාරයට අනුමැතිය ලබාදුන්නද ඉන් පසුව සිදු කෙරෙන අභ්‍යන්තර ඉදිකිරීම් සම්බන්යෙන් දෛනිකව සොයා බැලීමට කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාවක් නොමැති බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා පවසනවා.
ඒ අනුව සිය ඉදිකිරීම් නිසි ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සිදු කිරීමට ජනතාව වගකීමෙන් කටයුතු කළයුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
කඩුවෙල ප්‍රදේශයේ විදුලි උපකරණ අළෙවි සැලක හටගත් ගින්නෙන් එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව නෙත් නිවුස් කළ විමසීමකදී නගරාධිපති රංජන් ජයලාල් මහතා මෙම අදහස් පළ කළා.
මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ ගිනි ගැනීමේ සිද්ධීන් 371 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. එහිදී පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ දිනයේද දිවයිනේ විවිධ ස්ථානවලින් ගිනි ගැනීම් කිහිපයක් වාර්තා වුණා. ඒ අනුව මෙවැනි ගිනි ගැනීම් හට ගැනීම වළක්වා ගන්නේ කෙසේ දැයි නෙත් නිවුස් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරී ඩබ්ලිව් එස් ආර් එන් සේනානායක මහතාගෙන් විමසීමක් කළා.




