ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් ජුලි මස 31 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරිපිටයි.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 31 වනදා කැඳවන ලෙසයි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිතාර ඥාණසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් විත්තිකාර ඥාණසාර හිමිට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.