බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දී තිබෙනවා.
එම කමිටුවේ සභාපති බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර මහතා විසින් අදාළ වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්ය අංශය සදහන් කළේ.
එය ජනාධිපති කාර්යාලයේදි සිදුවු අතර ඊට අදාළ කමිටුවේ සෙසු සාමාජිකයන්ද එක්ව තිබෙනවා.
ත්රෛනිකායිකි මහා සංඝ රත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වනදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම කමිටුව පත් කරන ලද අතර, අදාළ කරුණු අධ්යයනය කර සති දෙකක් ඇතුළත නව රෙගුලාසි සහ නිත්ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවට පැවරුණා.
ඒ අනුව, භික්ෂුන්වහන්සේ සහ අනෙකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාරගත කිරීමේදී බලපානු ලබන රෙගුලාසිවලට අදාළ සංශෝධිත යෝජනා මෙලෙස ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.




