රට තුළ සීඝ්‍රයෙන් ඉහළ යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ ඕනෑම තොරතුරක්, පැමිණිල්ලක් හෝ අවශ්‍ය දැනුවත් කිරීම් කඩිනමින් යොමු කිරීම සඳහායි මෙම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන්නේ.

ඒ අනුව, මහජනතාව වෙනුවෙන් විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.

එම දුරකතන අංකය වන්නේ 011 - 7 96 63 66. මෙන්න එම දුරකතන අංකය නැවතත්, 011 - 7 96 63 66.

ඩෙංගු රෝගය සහ එහි පාලන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මෙන්ම, තමන්ගේ ප්‍රදේශවල ඩෙංගු බෝවන ස්ථාන පවතින්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට මෙම දුරකතන අංකය භාවිත කරන ලෙසයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ වනවිට දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189 ක්. ඩෙංගු මරණ 31 ක්ද වාර්තා වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.