Published
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අනූතුන් දහස් හයසිය තිස්පහ දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන හැත්තෑ එකක්.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හැත්තෑ හයක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට පනස් දෙකයි දශම නවයයි හතරක්ම වර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
දකුණු පළාතෙන් රෝගීන් දහතුන් දහස් හත්සිය දහනවයක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් අට දහස් හාරසිය හැත්තෑ හයක් වාර්තා වී තිබෙනවා.




