වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියගිය 50 දෙනා අතර කාන්තාවන් 35 ක් සහ පිරිමි 15 ක් වනවා.
එමෙන්ම අවුරුදු 15 ට අඩු ළමයින් 5 දෙනෙකුද සිටින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
මේ අතර මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද මේ වනවිට 73,455ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කංන්ගර මහතා පැවසුවා.
වැඩි වශයෙන් මදුරු දෂ්ඨනයට ලක් වන්නේ කාන්තාවන් බවටද මෙහිදි ප්‍රකාශ කෙරුණා.
මේ අතර පවතින ඩෙංගු වසංගත තත්ත්වයත් සමග අවිධිමත් ලෙස කැලි කසළ බැහැර කරන ස්ථානයන්වලට කැලි කසල බැහැර කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ෆෝ - ජි කැමරා පද්ධති සවිකිරීමට කැස්බෑව නගර සභාව කටයුතු කර තිබෙනවා.
එහි සභාපති චාමර මද්දුම කළුගේ මහතා සඳහන් කළේ බෝකුන්දර සිට ගල්කිස්ස දක්වා වූ අතුරු මාර්ගයක මෙම කැමරා සවිකළ බවයි.
අවිධිමත් ලෙස කැලි කසල බැහැර කරන පුද්ගලයන්ගේ දර්ශන නගර සභා ප්‍රධාන කාර්යාලයේ සිට අධීක්ෂණය කිරීමට හැකිවන පරිදි එම කැමරා පද්ධති සවිකර ඇති බවද චාමර මද්දුම කළුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.




