Published
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 74,478 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
සිය නිවාස පරිශ්‍ර පිලිබද වෙනදාටත් වඩා අවධානය යොමුකර පිරිසිදුව තබා ගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.




