දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 42,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ රෝගය මර්දනය කිරීම සදහා සතියක් පුරා ක්‍රියාත්මක වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇති බවයි.
රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල රෝගී ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බව වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් කියාසිටියා.
මේ අතර ඩෙංගු උවදුරෙන් මිදීමට සැවොම එකාවන්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
පසුගිය වසර එක හමාර තුළ එල්ල වූ සියළු අභියෝගවලට සාර්ථකව මුහුණදුන් ආකාරයට මෙම අවස්ථාවේද සැවොම එක් විය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
කොට්ටාව නගරයේ පැවති මහරගම නගර සභා බල ප්‍රදේශයේ ජාතික ඩෙංගු මර්දන සතියේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළා.




