Published
තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, වැලිපරයක අතරමංව සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.
මෙම පිරිස ද දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
එම පිරිස අතර පියෙකු සහ ඔහුගේ අවුරුදු 11ක් හා 13ක් වයස දරුවන් දෙදෙනාද වන බවයි නාවික හමුදාව පැවසුවේ.
මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව මඟින් අද දිනය තුල ළමුන් පස් දෙනෙකු, කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් එකොළොස් දෙනෙකු හට සහන සලසා තිබෙනවා.
එම පුද්ගලයින් පිරිස ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බවයි නාවික හමුදාව පැවසුවේ.













