Published
ත්‍රීරෝද රථ කිහිපයක් සොරකම් කළ සැකකරුවෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඒ, එම සැකකරු පිළිබද පොලීසියට ලද තොරතුරක් මතයි.
ඒ අනුව ඔහු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදි හෝමාගම, කටුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 830ක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු හෝමාගම,මහරගම හා මරදාන පොලිස් වසම්වලදී ත්‍රීරෝද රථ හතරක් සොරකම් කර ඇති බව අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව ඔහු සොරකම් කළ එම ත්‍රීරෝද රථ 4 ද සිය භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




