Published
නාරම්මල, හොරොම්බාව ප්රදේශයේදී තීරුබදු නොගෙවා විදෙස් රටකින් ගෙන්වන ලද භාණ්ඩ සහ අමතර කොටස් සහිත කන්ටේනර් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොම්බාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
විදෙස් රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 190 ක්, යතුරුපැදි කොටස්, යතුරුපැදි චැසි 42 ක්, යතුරුපැදි එංජින් 44 ක්, පාපැදි හා පාපැදි කොටස් එම කන්ටේනරයේ තිබී සොයාගෙන තිබෙනවා.
එමෙන්ම ෆෝක් ලිෆ්ට් 06 ක්, ස්කැවේටර් යන්ත්ර 03 ක්, කෘෂි උපකරණ හා ගෘහ භාණ්ඩ රැසක් ද එහිදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.



