Published
පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ, සත්කාරක පකිස්ථානය හා ශ්රී ලංකාව අතරයි.
මෙම තරගාවලියට පකිස්ථානය හා ශ්රී ලංකාවට අමතරව එංගලන්තය ද සහභාගී වුණා.
එහෙත් එංගලන්තයට අවසන් මහා තරගයට පිවිසීමට නොහැකි වුණා.
මෙවර තරගාවලියේ පකිස්ථානය හා ශ්රී ලංකාව අවස්ථා දෙකකදී මුණ ගැසුණා.
එහිදී එක් අවස්ථාව බැගින් දෙපිලම ජය ගත්තා.
එබැවින් අද තරගය අතිශය තීරණාත්මක වනු ඇති බවයි ක්රීඩා මාධ්ය වාර්තා කළේ.
අද තරගය පැවැත්වෙන්නේ පස්වරු 01යි 30ටයි.
තරගය පකිස්ථානයේ ලාහෝර් හිදී පැවැත්වෙනවා.




