Published
රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා , චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ව්‍යාපාරිකයෙකු වන බවත් ඔහු තුන්වන වරට මෙලෙස දිවයිනට පැමිණ ඇති බවත් රේගු නිලධාරීන් පැවසුවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 13 ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 08 කට අයත් , දුම්වැටි දෙලක්‍ෂ 29,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,149 ක් සොයාගෙන තිබෙනවා.




