කොළඹ වරායේදී කන්ටේනරයක් තුළ තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් අයගෙන් දෙදෙනෙකු පකිස්ථාන ජාතිකයන් බවයි කියවෙන්නේ.
කන්ටේනරය තුල තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 463ක් පමණ බවට මේ වන විට ගණන් බලා තිබෙනවා.
එහි වටිනාකම රුපියල් කෝටි 800ට වැඩි බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
කොළඹ වරායේ ක්‍ෂක්‍ඔ පර්යන්තයේ සැකකටයුතු බහාලුම් 2 ක් ඇති බවට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණා.
ඒ පිළිබඳ ඉකුත්දා අධිකරණයට කරුණු වාර්තා කෙරුණු අතර එහි ඊළඟ පියවර ලෙසයි ඊයේ වැටලීම සිදු කෙරුණේ.
මත්ද්‍රව්‍ය තොගය කන්ටේනරය තුළ තුවා සමග සූක්ෂම ලෙස ඇසුරුම් කර තිබුණා.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත කන්ටේනරය පාකිස්තානයෙන් එවා ඇති බවටයි මූලික තොරතුරුවලින් කියවෙන්නේ.
වැඩිදුර විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පිහිටි හෝටලයකදීයි.
පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.




