මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක් තුල තිබි ඊයේ දින සොයා ගත් තරුණියගේ මළසිරුර සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ මියගිය තරුණිය සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක රැදී සිට ඇති බවයි.
ඒ අනුව නුවරඑලිය පොලිසිය මගින්ද මෙම මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
අදාල සංචාරක හෝටලයේ රැදී සිටි වැලිගම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියක් වන මෙම තරුණිය සහ ඇගේ පෙම්වතා ඉකුත් 03 සිට නුවරඑළියට ගොස් සංචාරක හෝටලයක නැවතී සිට ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමකින් පසු, සැකකාර පෙම්වතා බව කියන පුද්ගලයා අදාල තරුණියව ඝාතනය කර, සිරුර හෝටලයෙන් රැගෙන ගොස්, මෝටර් රථයෙන් මහනුවර තෙල්දෙණිය රෝහල අසලට රැගෙනවිත් තිබෙනවා.
පසුව ඔහු මෝටර් රථය රෝහල අසල නවතා පලා ගොස් ඇති බවටයි සැකකරන්නේ.
සැකකාර පෙම්වතා, තරුණියගේ මුහුණ වසා ඔසවාගෙන යන අයුරු හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.
තෙල්දෙණිය පොලිසියෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඒ ඔස්සේ නුවරඑලිය පොලිසිය මගින්ද මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.




