Published
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ අති සුඛෝපභෝගී පෞද්ගලික මගී බස් රථයක හටගත් ගින්නෙන් එම බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ වැලිපැන්න සහ කුරුදුගහ හැතැක්ම අතර කිලෝමීටර් 64 කණුව ආසන්නයේදී එම බස් රථය ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි.
කෙසේවෙතත් එම ගින්නෙන් බස් රථය තුළ සිටි කිසිදු මගියෙකුට හානියක් සිදුව නැහැ.
බස් රථය ගිනි ගැනීම නිසා එම ස්ථානයේ සිට කිලෝමීටර් 3 ක පමණ දැඩි රථ වාහන තදබදයක් පැවති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
බස් රථයේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.




