දෙහිවල පොලිස් වසමේදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
අදාළ අත් බෝම්බ ප්‍රහාරයට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 960ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 11 වනදා අදාළ නිවසට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 17 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, රිදීමාලියද්ද, දෙහිවල හා බොරැලැස්ගමුව පොලිස් වසම්වලදීයි.
ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා. එම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ අත්අබෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.




