මෙරට තුළ අපරාධ, මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඩුබායි වෙත පළා ගොස් සැගවී සිටි , කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව ඔහු දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ එම විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගිය බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල පැවසුවේ.

බස් ලලිත් නමැත්තා අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සදහා බස් ලලිත් නමැත්තා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදුන් බවයි නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල වැඩිදුරටත් පැවසුවේ.