Published
රුපියල් අසූ තුන් ලක්ෂ දස දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගෙන ඇති විදේශිකයන් චීන ජාතික ව්‍යාපාරිකයන් වනවා.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එම පිරිස දිවයිනට පැමිණ ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 55,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 277 ක් එහිදී සොයා ගෙන තිබෙනවා.




