Published
දෙමටගොඩ පොලිස් වසමේ, වේළුවන ප්රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්රීරෝද රථයකට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා.
එම ත්රීරෝද රථයේ සිටි පුද්ගලයන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් සතුව තිබී කඩු තුනක් ද සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොළොන්නාව ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.
ඔවුන් කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ සිට ත්රිරෝද රථයෙන් පැමිණ ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වි ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




