Published
දෙමටගොඩ, සිරිධම්ම මාවතේ සුසාන භූමිය ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වනාතමුල්ල දුමින්දගේ සමීපතමයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද පස්වරු 6.35ට පමණයි.
එහිදී තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොලඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.
ඔහු බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකු වනවා.
වෙඩි තැබීම සිදුකල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



