Published
කඩුවෙල, කොරතොට වදුරාමුල්ල ප්රදේශයේ දී වෙඩි වැදී බරපතල තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වදුරාමුල්ල, නිසල පෙදෙසේ නිවසක පිටුපස තාප්පය අසල රැදී සිටියදී අදාළ පුද්ගලයා වෙඩි ප්රහාරයට ලක්ව තිබුණා.
පළමු ප්රකාශ වූයේ ඔහුගේ එක් පාදයකට පමණක් වෙඩි තැබී ඇති බවයි. එහෙත් ඔහුට වෙඩි ප්රහාර කිහිපයක්ම එල්ල වී ඇති බව පොලීසිය පැවසුවා.
ඒ අනුව ඔහු අතුරුගිරිය රෝහලට ඇතුළත් කෙරුණා.
කෙසේවෙතත් ඔහු වැඩිදුර ප්රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර එහි ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
වයස අවුරුදු 26ක් වූ ඔහු කඩුවෙල, වෙලේ හංදිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක්රියාත්මකයි.



