ඩෙංගු වෛරසයේ යම් වෙනස්වීමක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙතෙක් ඩෙංගු වෛරසයේ වෙනස් වීමක් හඳුනා ගෙන නොමැති බවයි.

නව ඩෙංගු වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවට පළවන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.