ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම්  දුන්නා.

බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

ගල් අගුරු ගණු දෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණවලට සහය දැක්වීම සඳහා බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කල කුමාර ජයකොඩි මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස් වුණා.