Published
ලියාපදිංචි සහතික නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු මීගහවත්ත හා කඳාන පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර රථවාහන ජාවාරමේ යෙදුන සැකකරුවෙකු සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදීයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකව තිබී මෝටර් රථ 03 ක්, ජීප් රථ 02 ක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන හා මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




