පාසලක පන්ති කාමරයකට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට ඉදිරියේදි කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.

පාර්ලිමේන්තවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව 40 ත් 45 ත් අතර සංඛ්‍යාවක් වන බවයි.

ජාතික ජනබලවේගය ආණ්ඩුව භාර ගැනීමට පෙර සිටම මෙවැනි සංඛ්‍යාවක් පන්ති කාමරයක සිටි බවද ඔහු කියාසිටියා.

සිය ආණ්ඩුව යටතේ කිසිදු සිසුවෙකු එලෙස ඇතුළත් කර නොමැති නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ගුරුවරයෙකු සිය ඉගැන්වීම් කටයුතු නිසි ලෙස සිදු කිරීමට නම් පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව අඩු විය යුතුයි.

ඒ අනුව පන්ති කාමරයක ඉගෙනු ලබන සිසුන් සංඛ්‍යාව 35කට වඩා පහත දැමීමට ඉදිරියේදි පියවර ගන්නා බවයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා වැවඩිදුරටත් පැවසුවේ.