Published
පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පිරිසෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අතුරුදන්ව සිටි කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළසිරුරු එලෙස සොයාගත් බවයි.
කාන්තාවගේ වයස අවුරුදු 35ක් වන අතර ගැහැණු ළමයින් දෙදෙනා අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවුණා.
දියේ ගිලී අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.




