පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අමිහිරි මතකයේ වර්ෂ පූර්ණයට දින කිහිපයකට පෙර, කාශ්මීර නිම්නයේ ස්ථාවරත්වය පිළිබඳ අලුත් වූ විශ්වාසයක් පෙන්නුම් කරමින් එම කලාපය වෙත විවිධ ප්‍රදේශවලින් සංචාරකයින් පැමිණීම ආරම්භ වී තිබේ.
එම සංචාරකයින් කිහිපදෙනෙකු ඉන්දීය ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ කලාපය තුළ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය පවතින බව සහ එහි වෙසෙන ජනතාව ද මිත්‍රශීලී බවයි.
නගරය ඉතා පිරිසිදු සහ සාමකාමී බවත් කිසිඳු බියක් එහි නොමැති බවත් ඉන්දීය හමුදාව සහ ජම්මු-කාශ්මීර පොලිසිය ගැන පූර්ණ විශ්වාසයක් ඇති බවත් ඔවුහු පැවසීය.
මේ අතර, පසුගිය වසරේ අප්‍රේල් 22 වන දින සිදු වූ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ආරක්ෂක පියවරයන් ශක්තිමත් කිරීමට සහ මහජන විශ්වාසය යළි තහවුරු කිරීමට බලධාරීන් ප්‍රදේශය තුළ QR කේත පදනම් කරගත් ස්කෑන් පද්ධතියක් හඳුන්වා දී ඇත.
මෙම ඩිජිටල් වැඩපිළිවෙළ මගින් සංචාරකයින්, සේවා සපයන්නන් සහ දේශීය ව්‍යාපාරිකයන් පිළිබඳ තත්‍ය කාලීන සත්‍යාපනය සිදු කිරීමට ඉඩ ලබා දෙන අතර, එමඟින් වඩා හොඳ අධීක්ෂණයක් සහ වගවීමක් සහතික කෙරේ.
දෛනික ක්‍රියාවලීන් සඳහා තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන්, ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීමටත්, අනවසර ක්‍රියාකාරකම් වැළැක්වීමටත්, විනිවිදභාවය ඉහළ නැංවීමටත් මෙම පද්ධතිය බලධාරීන්ට උපකාරී වේ.
එමෙන්ම වගකිවයුතු සංචාරක කර්මාන්තයක් ප්‍රවර්ධනය කරන අතරම, සංචාරකයින්ට ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දීමටත්, එමගින් කලාපයේ සාමාන්‍ය තත්ත්වය යළි ඇති කිරීමටත් මෙය දායක වේ.




