Published
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට කතානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියා.
ඒ සම්බන්ධයෙන් කතානායකවරයා විසින් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමක් කළා.
ඊට පිලිතුරු දෙමින් සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාල කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවයි.
එහිදී ඇති වූ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තා.



