ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවේ පෙනී සිටියා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ දැනුම්දිමකට අනුවයි.

එම සමාගමේ නිලධාරීන් අදාළ සාකච්ඡාවට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් විරෝධය දැක්වූවා.

ලාෆ්ස් ගෑස් සිලින්ඩරද ඔසවාගෙන ඔවුන් එලෙස විරෝධතාවය පළ කළ බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ.

පසුගිය 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම පියවර ගනු ලැබුවා.