තරුණයන් සහ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිට ලැබුණු විශේෂ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ නිවසක පදිංචි පුද්ගලයෙකු කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.
සැකකරු සන්තකයේ තිබී සොයාගත් මත්පෙති ප්‍රමාණය 10,000ක්.
එහි වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ දොළහකට ආසන්න බවයි වාර්තා වන්නේ.
මීට අමතරව, ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 55,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ක්‍රියාත්මකයි.




