පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන විමර්ශන නිවැරදිව ඉදිරියට ගෙනයාමට නිලධාරීන් උත්සාහ කළද එම විමර්ශන නොමඟ යැවීමට සහ විමර්ශන නවතාලීමට විවිධ බාහිර පාර්ශව උත්සාහ කරමින් සිටින බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසනවා.

එලෙස කටයුතු කරන පාර්ශව සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවයි පියතුමන් පැවසුවේ.