Published
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23,270 කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළා.
එම නඩුවට අදාල දීර්ඝ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංකය යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.
නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.



